Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනුමැතියකින් තොරව ගෙවූ ප්‍රසාද දීමනා ගැන අනාවරණයක්
    Featured

    අනුමැතියකින් තොරව ගෙවූ ප්‍රසාද දීමනා ගැන අනාවරණයක්

    By LFNMarch 24, 2024No Comments1 Min Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවීමේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මුදල් වැයකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    2022 වර්ෂයට අදාළ ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක ඒ බව සඳහන් වෙයි.

    ඒ අනුව අදාළ වර්ෂයේදී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සේවකයින්ට ප්‍රසාද දීමනා ඇතුළු විවිධ දීමනා සඳහා රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කර ඇත.

    ප්‍රසාද දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 07කට ආසන්න මුදලක් සහ වෙනත් දීමනා සඳහා රුපියල් කෝටි 54කට වැඩි මුදලක් වැය කර ඇති බව එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩල පාලනාධිකාරිය පවසා ඇත්තේ ඉහත දීමනා සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලු බවය.

    එමෙන්ම අදාළ වර්ෂයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වු අවස්ථාවේ දී ආයෝජන මණ්ඩලයේ දීමනා සහ සේවක ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බව යෝජනාවී ඇති බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.