Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»15 හැවිරිදි දැරියකට සිව් දෙනෙක් කළ අපරාධය
    Featured

    15 හැවිරිදි දැරියකට සිව් දෙනෙක් කළ අපරාධය

    By LFNMarch 22, 2024No Comments2 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී තිබුණි.

    ඊට අනුව විමර්ශන ඇරඹූ සාලියවැව පොලීසියට ඇය හමුවන්නේ, කැලෑබද ප්‍රදේශයක සිටියදීය.

    ඒ එම ප්‍රදේශයේම පදිංචි තවත් තරුණයෙකු සමගිනි.

    15 හැවිරිදි දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පොලීසියට පවසා ඇත්තේ, තම මව්පියන්ගේ ද කැමැත්ත ඇතිව තරුණයා සමග ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවය.

    එමෙන්ම අවස්ථා රැසකදී තමා 28 හැවිරිදි තරුණයාගෙන් ලිංගික අපයෝජනයට ලක්වූ බවත් ඇය පොලීසියට පවසා තිබුණි.

    එමෙන්ම 2021 සිට අවස්ථා ගණනාවකදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයින් තිදෙනෙකු ඇයව අපයෝජනයට ලක්කර ඇති බවත් මෙහිදී අනාවරණවී ඇත.

    ඇය පොලීසියට පවසා ඇත්තේ, එම සිව්දෙනා අතර තම වැඩිමහල් සහෝදරියගේ සැමියා ද වන බවය.

    දැරියක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනා අතරින් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම 15 හැවිරිදි දියණියගේ සිද්ධිය පොලීසිය හමුවේ අනාවරණ වෙද්දී ඇයගේ 12 හැවිරිදි නැගණිය ද වසර ගණනාවක් සඟවා ගෙන සිටි තවත් රහසක් පොලීසියට අනාවරණ කළාය.

    ඒ, තමාව ද වයස අවුරුදු 09යේදී නිවසට ආ පුද්ගලයෙකු වරින් වර අපයෝජනයට ලක්කළ බවය.

    ඒ අනුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අවුරුදු 24 ත් 30ත් අතර වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචි, නිතර දැරිවියන්ගේ නිවසට ආ ගිය පුද්ගලයන් බවය.

    සැකකරුවන් ඊයේ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 02 දක්වා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා දැරියන් දෙදෙනාව පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.