Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලොව වඩාත් උසස් ගිලන් රථ සේවාවක් ලෙස 1990 සුවසැරිය නම් කරයි
    Local News

    ලොව වඩාත් උසස් ගිලන් රථ සේවාවක් ලෙස 1990 සුවසැරිය නම් කරයි

    By LFNMarch 20, 2024No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන්රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මගින් හඳුන්වාදී තිබේ.

    ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන්රථ සේවාව පත්වී ඇති බවය.

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේය.

    එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා මිලියන 1.8ක ශ්‍රී ලාංකිකයින් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව සමග සම්බන්ධවී ඇති බවය.

    එමෙන්ම ඇමතුමක් හා සම්බන්ධවී සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන්වු පුද්ගලයා ආසන්නයේ පිහිටි රෝහලක් වෙත හෝ සත්කාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට සුවසැරිය සමත්වී තිබේ.

    ඒ අනුව ලොව ගිලන්රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය නම්කර ඇති බවද ලෝක බැංකුව වාර්තාව මගින් පෙන්වාදෙයි.

    2018 වසරේ විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින්, නිදහස් පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම වූ බවද ලෝක බැංකු වාර්තාව මගින් පෙන්වා දෙයි.

    ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන්රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ලක් රජය විසිනි.

    ඒ සඳහා පෞද්ගලික අංශයේ ප්‍රදානයන්ද යොදාගෙන ඇති අතර අනුග්‍රාහකත්වයන්ද අපේක්ෂා කරයි.

    දකුණු ආසියාවේ විප්ලවකාරී ඩිජිටල් සෞඛ්‍ය සහ හදිසි සේවා ව්‍යපෘතියක් වන සුවසැරිය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒ සඳහා පුරෝගාමීත්වය සපයන බවද ලෝක බැංකුව සඳහන් කරයි.

    මුලදී නාගරික ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වුවද අද සුවසැරිය 1990 හදිසි ගිලන්රථ සේවාව වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන් 63%ක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන ඇමතුම් වීමද විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.