Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»ෆොන්සේකා ගැන සජිත් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
    Political

    ෆොන්සේකා ගැන සජිත් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

    By LFNMarch 20, 2024No Comments1 Min Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

    ඒ අනුව අදාළ වාරණ නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමටත් අධිකරණය නියම කර තිබේ.

    සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

    එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දැක්වීය.

    එහෙත් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසය.

    ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට සජිත් දෙවැනි දිනටත් යයි

    February 1, 2026

    මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට්ටුව යළි දීර්ඝ කෙරේ

    February 1, 2026

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 202603 Views

    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/…

    බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර ගැටුමකින් සිසුන් 7ක් රෝහලට

    February 6, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.