Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක
    Featured

    කාන්තාවන් සියයට 40ක් බරපතළ අවදානමක

    By LFNMarch 20, 2024No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් සියයට හතලිහක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

    ලංකා ගුරු සංගමය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිල අධික ලෙස ඉහළයෑම හමුවේ සිසුවියන්ගේ පාසල් පැමිණීමද අඩුව ඇති බවය.

    එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවටය.

    පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

    වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය සියයට 51 ක් පමණ වෙයි.

    දේශීය සනීපාරක්ෂක තුවාවල මිල ගණන් 90%කින් සහ ආනයනික නිෂ්පාදනවල මිල ගණන් 30% පමණ ඉහළ නංවා තිබේ.

    ඊට එක්වූ ප්‍රදේශයේ මව්වරුන් පැවසුවේ සනීපාරක්ෂක තුවා මිල ඉහළයෑම හමුවේ තම දරුවන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවය.

    මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළහොත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු පැනනගින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

    සිසුවියන් මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්,

    “ඉස්සර 150ට 200ට තිබුණු පැකට් එක දැන් රුපියල් 500ත් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. එච්චර ගණන් ගියපු ඒවා අපිට ගන්න විදියකුත් නෑ. සමහර දවස්වලට අපි ගෙදර නතරවෙලා ඉන්නවා. මොකද ඉස්කෝලේ ගිහිල්ලා ඒ අපහසුතාවයෙන් ඉන්න බැරි නිසා.”

    වෛද්‍ය දිල්රුක්ෂි සායක්කාර,

    “පිරිසිදුකම ගැන කාන්තාවන්ගේ ඒ කාලය තුළදී නොසැළකිල්ලක් තිබුණොත් විෂබීජ නිසා එයාගේ ප්‍රජනන පද්ධතියට දීර්ඝකාලීන හානි සිද්ධවෙන්න පුළුවන්. ”

    ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක උදේනි විතානගේ,

    “එක දවසක් දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් දින 4ක් 5 ක් වගේ පාසල් පැමිණීමේ අඩුවක් දකින්න ලැබෙනවා. දෛනික ආහාරවේලවත් සපුරාගන්න බැරි දැරිවියන්. මේ සියලු කරදර මැඩගෙන පාසලට එන්න නම් සහනයක් ලබාදීම තමයි රජයක් හැටියට කළයුත්තේ”

    මව්වරුන්,

    “මම අනන්ත අප්‍රමාණ වෙලාවට රෙදිකෑලි ළමයට හදලා දෙනවා, ඒක මාරුකරගන්නත් අමාරුයි. රජරට මිනිස්සු කියන්නේ ගොවිතැනෙන් ජීවත්වෙන මිනිස්සු අධ්‍යාපනයෙන් තමයි අපේ දරුවන්ට නැගිටින්න පුළුවන් එකම තැන. ජනාධිපතිතුමනි ඔබට වැඳලා කියන්නම්. තේරෙන්න ඕන කාන්තාවගේ දුක.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.