Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 2025

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳුට යළිත් තරග තහනමක්
    Sport

    වනිඳුට යළිත් තරග තහනමක්

    By LFNMarch 20, 2024No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට යළිත් ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) පියවර ගත්තේය.

    ඒ, බංග්ලාදේශය කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙනි.

    බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී වනිඳු හසරංග විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස තීරණය කර තිබේ.

    බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග විසින් විනිසුරුවරයෙකුගෙන් ඔහුගේ හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

    මෙම වරද හේතුවෙන් වනිඳුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3ක් පනවා ඇති අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක්ද නියම කර තිබේ.

    ඒ අනුව මාස 24ක් තුළ ඔහුගේ දඬුවම් ලකුණු ප්‍රමාණය ලකුණු 8 දක්වා ඉහළ යාම හේතුවෙන් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක් හෝ එක්දින තරග 4ක් හෝ 20-20 තරග 4ක තහනමක් පැනවෙනු ඇති.

    ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමගත් වනිඳු හසරංග බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය සඳහා ඊයේ නම් කර තිබුණි.

    ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙයි.

    යම් හෙයකින් වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට නම් කර නොතිබුණේ නම් එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී වනිඳුට පළමු තරග 4 අහිමිවීමට ඉඩ තිබුණි.

    මින්පෙර ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගාවලියේදී විනිසුරු තීරණයක් විවේචනය කිරීම හේතුවෙන් වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් බංග්ලාදේශය සමග පැවති පළමු 20-20 තරග දෙකද ඔහුට අහිමි වුණි.

    මේ අතර ඊයේ තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ටද තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ආපදාවට පත් ළමුන් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට තහනම්

    December 18, 20250113 Views

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ ළමුන් සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොඉල්ලන ලෙසත් ඒ…

    මිනුවන්ගොඩට තද සුළං

    December 18, 2025

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    උඩදුම්බරට මි.මී 200ට වැඩි වැස්සක් – අනතුරුදායක තැන් මඟ හැර ජීවිත රැකගන්න

    December 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.