Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් පෙම කෙළවර වූ හැටි – දෙදෙනාටම බරපතළයි
    Featured

    අනියම් පෙම කෙළවර වූ හැටි – දෙදෙනාටම බරපතළයි

    By LFNMarch 19, 2024No Comments2 Mins Read290 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉංගිරිය බෝධිනාගල තානායමක් තුළදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමෙන් අනතුරුව සිය දිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් රෝහල්ගත කළ බව ඉංගිරිය පොලීසිය පවසයි.

    මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ඉංගිරිය, පෝරුව දණ්ඩ, පැල්පිටිගොඩ පදිංචි කාන්තාවක් සහ හා ඇයගේ අනියම් සැමියා බව කියන පිළියන්දල ප්‍රදේශයේ අයෙකි.

    පසුගිය (17) පෙරවරු 10ට පමණ පිරිමි පුද්ගලයා තානායමට තනිවම පැමිණ කාමරයක් වෙන්කරවාගෙන ඇති අතර ඊට විනාඩි 20 කට පමණ පසු කාන්තාව ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් තානායම කරා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    පැයකට පමණ පසු කාන්තාව පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් පිරිමි පුද්ගලයා තානායම් භූමියෙන් වේගයෙන් පිටව යන අයුරු කළමනාකරුගේ නෙත ගැටී මඳ වේලාවකදී දරුණු කැපුම් තුවාල සහිතව එම කාන්තාව තානායමේ පිළිගැනීමේ කවුන්ටරය අසලට පැමිණ පුටුවක වාඩි වී ඇතැයි පොලීසිය කියයි.

    අනතුරුව කළමනාකරු ඒ සම්බන්ධයෙන් පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව 1990 සුව සැරිය ගිලන් රථයෙන් කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

    එම සිද්ධිය වී පැයක් යාමට මත්තෙන් ඉංගිරිය බවුන්ඩර් පාරේ කැලෑබද ප්‍රදේශයක ඇලක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගලයෙකු වැටී සිටින බවට ඉංගිරිය පොලීසිය ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහායෙන් එම පුද්ගලයාව ද 1990 සුවසැරිය ගිලන් රථයෙන් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

    බරපතළ තුවාල ලද ඔවුන් දෙදෙනාම බිරිඳගෙන් සහ ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව ජීවත් වන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.