මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ඊයේ (17) දින යුද්ධ හමුදා බුද්ධි අංශය හා කාවන්තිස්සපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව වගාකරන ලද අක්කර 03 ක පමණ වපසරියකින් යුත් මහා පරිමාණ ගංජා හේනක් අත්අඩංගුවට ගෙන ඇත.
එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල 87000 අධික ප්‍රමාණයක් තිබී ඇති අතර, කුබුක්කන්වල, උඩපෙත්ත, යාල ජලාශ අසල විකිණීමට සුදානම්කර තිබූ වියළි ගංජා ග්රෑම් 7340 ප්‍රමාණයක් සමග සැකකරුවන් 3 දෙනෙකු කාවස්තිස්ස පොලීසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.