Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හොර පාස්පෝට් හැදූ ලොක්කෝ දෙන්නෙක් අත්අඩංගුවට
    Featured

    හොර පාස්පෝට් හැදූ ලොක්කෝ දෙන්නෙක් අත්අඩංගුවට

    By LFNMarch 18, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුට රටින් පැන යාම සඳහා ගමන් බලපත්‍ර සකසා දීම සඳහා සහාය වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයටත් අනෙක් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සැකකාර නියෝජ්‍ය පාලකවරයා විසින් නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් “හීනටියන මහේෂ්” නමැති
    සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකසා දී ඇති බවට අනාවරණ වී ඇත.

    මාණික්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නාමය ඇතුළත් කර ව්‍යාජ ගමන් බලපත්‍ර අංකයක් සහ ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් ඇතුළත් කර “හීනටියන මහේෂ්” වෙත විදෙස් ගමන් බලපත්‍රය සකස්කර දී ඇති බවට සැකකාර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට චෝදනා එල්ලවී තිබේ.

    සැකකාර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එසේම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශාන් අරෝෂ ලියනගේ නොහොත් “මතුගම ශාන්” වෙත හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

    ඒ අනුව දොඩන්ගොඩ ලියනගේ රාජේශ් කුමාර ජයසිංහ නමැති ව්‍යාජ නාමය භාවිත කර සැකකාර හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් එම ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දී ඇති බව පොලීසිය පවසයි.

    සැකකාර හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසට සේවය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.