Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
    Featured

    රට රැකියා ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

    By LFNMarch 18, 2024No Comments2 Mins Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුක්‍රේන හමුදාවේ රැකියා දෙන බව පවසමින් මිනිස් ජාවාරමේ යෙදුණු මෙරට අඹුසැමි යුවළක් එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඊයේ පැමිණ භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකාර අඹුසැමි යුවළ කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටින අතර එම පුරුෂයා වෘත්තීයෙන් ආර්ථික විද්‍යා ගුරුවරයෙකි.

    යුක්‍රේන හමුදාවේ රැකියා ලබාදෙන බව පවසා ඔවුන් මෙරටින් පිටත් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 55කි.

    යුද හමුදාවේ සේවය කළ පිරිසක්ද ඒ අතර වන අතර යුක්‍රේන හමුදාවේ කපිතාන්වරයෙක් වශයෙන් සේවය කර දැනට මියගොස් සිටින රනීෂ් හේවගේ නැමැත්තාගේ සම්බන්ධීකරණයෙන් අදාළ පිරිස එවකට යුක්‍රේනයට යැවීමට සැකකරුවන් පියවර ගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

    එහිදී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පිටත්වන පිරිස් ඉන්දියාව හරහා පෝලන්තයට යොමුකර ඉන් පසු යුක්‍රේනයට ඇතුළු කර ඇති බවය.

    එලෙස පිටත් කරවන එක් අයෙකුගෙන් ජාවාරම්කරුවන් රු. ලක්ෂ 2ත් 5ත් අතර මුදලක් අය කරගෙන ඇති බවද අනාවරණ කරගෙන තිබේ.

    මෙරටින් පිටත්ව ගිය අය අතුරින් පිරිසක් යුක්‍රේනයට ගොස් ඇති අතර පෝලන්තයට ඇතුළුවීමට නොහැකිව යළි මෙරටට පැමිණි අයද වෙයි.

    විමර්ශකයින් පෙන්වා දෙන්නේ තවත් පිරිසක් අසර්බයිජානයට ගොස් ඇතැයි වාර්තා පළවන නමුත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බවය.

    එමෙන්ම යුක්‍රේන හමුදාවේ සේවයට ගිය පිරිස අතුරින් තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වෙයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.