Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට
    Featured

    නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

    By LFNMarch 17, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියෙකු සීගිරිය ප්‍රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු විසින් වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් 30 දෙනෙකුට පමණ අතවර කර ඇති බවට සැක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.

    චීනයේ මෝස්තර නිරූපණය හදාරන ලාංකික තරුණියක් පසුගිය දෙසැම්බර් මාසයේදී කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ තිබුණි.

    එහිදී ඇය සිය මවට පවසා ඇත්තේ, තමන් හදාරන පාඨමාලාවෙන් ඉහළට යෑම සඳහා මෙරටදී නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවිය යුතු බවය.

    අනතුරුව ඇයගේ මව විසින් ෆේස්බුක් හරහා සිදුකළ සොයාබැලීමේදී නදීෂා බණ්ඩාර නම් ගිණුමක් මගින් නිරූපන ක්ෂේත්‍රයේ අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඇති අයුරු දැක තිබුණි.

    පසුව එම ගිණුම සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී නදීෂා බණ්ඩාර නමින් පෙනී සිටි අය පවසා ඇත්තේ, අදාළ තරුණියගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපත් හා පිංතූර කිහිපයක් එවන ලෙසය.

    ඒ අතරතුර එම තරුණියගේ නිරුවත් ඡායාරූප විවිධ ඉරියව්වලින් සිට එවන ලෙස අදාළ ගිණුම හිමි පුද්ගලයා විසින් පණිවිඩයක් මගින් පවසා ඇත.

    ඡායාරූප යවා ඇති අදාළ තරුණියට පසුව දැනුම්දී ඇත්තේ, ඇයගේ සංවේදීත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකළ යුතු බවය.

    වෛද්‍යවරයා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ යුතු බවත් දැනුම්දී තිබේ.

    පසුව තරුණියක් ලෙස පෙනී සිටි අයෙක් ඇයට පවසා ඇත්තේ කිසිඳු බියක් ඇති කරනොගෙන වෛද්‍යවරයා හමුවන ලෙසය.

    ඒ අනුව පළමුව මහලු වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් ඇය සමග පණිවුඩ හුමවාරු කරගෙන අනතුරුව ඔහු විසින් තිස් හැවිරිදි තරුණ වෛද්‍යවරයෙක් වෙත තරුණිය යොමුවිය යුතු බව පවසා තිබේ.

    අනතුරුව අදාළ තරුණියට, කඩවත ප්‍රදේශයේ හෝටලයකට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

    එම දැනුම්දීමට අනුව ඇය සිය මව සමග කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැක සිතු මව දියණිය ඉන් පිටත තබා අදාළ හෝටලය තුළට ගොස් තිබේ.

    එහිදී වෛද්‍යරයා ලෙස පෙනී සිටි පුද්ගලයා බියවී මවට තර්ජනය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කළහොත් දියණියගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බවය.

    අනතුරුව ඔහු එම හෝටලයෙන් පළාගොස් තිබේ.

    ඒ අනුව අදාළ මව සිය දියණිය සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

    පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ, සැකකරු සීගිරිය ප්‍රදේශයේ හෝටලයක සූපවේදියෙකු බවය.

    අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවර, රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් වෛද්‍යවරයෙකු ලෙස සහ තරුණියන් ලෙස පෙනී සිටිමින් තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා රවටමින් ලිංගික අතවර කරන බවය.

    සැකකරුගේ ජංගම දුරකථන දෙකක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් තිස් දෙනෙකුගේ පමණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමුවූ බව විමර්ශන නිලධාරීන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.