දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීම සඳහා අලුතෙන් හඳුන්වා මාර්ගගත ක්‍රමවේදය ගැටලු සහගත බව දුම්රිය මගීන් චෝදනා කරති.
කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන් රැසක් මේ හේතුවෙන් අපහසුතාවට පත්ව සිටියේය.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සාමාන්‍ය මගීන් සහ රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවරක් ලෙස පසුගියදා පළමුවරට මාර්ගගත ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ සහ මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය.
ඒ අනුව එලෙස ඔන්ලයින් ආසන වෙන්කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමට පැමිණි පසු ඇතැම් මගීන්ට දැන්ගන්නට ලැබී ඇත්තේ තමන්ට ආසනයක් වෙන්ව නොමැති බවය.
මේ එලෙස අපහසුතාවට පත්වූ මගීන් පිරිසක්.