Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක්
    Featured

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක්

    By LFNMarch 13, 2024No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

    එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා සඳහන් කළේ වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423 වාර්තා වී ඇති බවය.

    “අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ඒ එක්කම ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ගොඩක් වෙලාවට පසුගිය වර්ෂයේ සිට මේ වර්ෂයේ ගෙවී ගිය මාස දෙක තුළ වැඩිවීමක් තියෙනවා. 2023 අන්තර්ජාල වංචා 1,609ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වර්ෂය තුළ ජනවාරි මාසයේ එවැනි වංචා 110ක් වාර්තා වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ අන්තර්ජාල වංචා 213ක් සහ මාර්තු මාසයේ මේ දක්වා 100ක් වර්තා වෙලා තියෙනවා. සමහර පැමිණිවල මුදල් වංචා වාර්තා වුණාම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීලා අපි පරිගණක අපරාධ කොට්ඨාසය වෙත යොමුකරලා තියෙනවා.”

    අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල මහතා,

    “අන්තර්ජාලය ඔස්සේ, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් වාර්තා වෙනවා. 775ක් 2023 වසරේ දී එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ එක්කම අන්තර්ජාලය වංචා සිදුවීම් 1609ක් වාර්තා වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කළ සිදුවීම් වාර්තා වෙනවා 5,188ක්. කුඩා ළමුන් සම්බන්ධ සිදුවීම් 98ක් වාර්තා වෙනවා. ඒ සමගම පුද්ගලයින් විසින් අනවසරයෙන් ගිණුම්වලට ඇතුළු වුණ අවස්ථා 7,499ක් වාර්තා වුණා. ප්‍රතිශතයක් ලෙස අනවසර ප්‍රවේශයේ සහ ව්‍යාජ ගිණුම්වල වැඩිවීමක් දක්නට ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.