වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය.
කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.
කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ සහ මස්කෙළිය ඔයේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම සියයට 25ක් දක්වා පහත බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසයි.
මේ අතර වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුමට මෙතෙක් බාධා එල්ල නොවූව ද ජලය භාවිතය අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි