Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටටම වින කරන මහා විනාශයක් ගැන හෙළිදරව්වක්
    Featured

    රටටම වින කරන මහා විනාශයක් ගැන හෙළිදරව්වක්

    By LFNMarch 11, 2024No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය.

    කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

    මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනි තැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිදී යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

    කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කෙසෙල්ගමු ඔයේ සහ මස්කෙළිය ඔයේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම සියයට 25ක් දක්වා පහත බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසයි.

    මේ අතර වියළි කාලගුණය හේතුවෙන් ජල සැපයුමට මෙතෙක් බාධා එල්ල නොවූව ද ජලය භාවිතය අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.යූ.කේ. රණතුංග මහතා සඳහන් කළේ මේ වන විට ජල ඉල්ලුම සියයට 6කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

    මේ අතර ගොවි ජනතාවට ලබාදෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පුද්ගලීකරණය කිරීමට රජයට කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ගොවිතැන් කටයුතු සඳහා ගොවි ජනතාවට නොමිලයේ ලබා දෙන ජලයට ගාස්තූවක් අය කිරීමටත්, ජලය පුද්ගලීකරණය කරන බවටත් ඇතැම් දේශපාලන පක්ෂ විසින් කර ඇති චෝදනා පදනම් විරහිත බවය.

    මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ අමාත්‍ය මණ්ඩලයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති අතර ඊට අදාළ සාකච්ඡාවක් හෝ රජය තුළ සිදුවී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

    ඇතැම් දේශපාලන පාර්ශ්ව ගොවි ජනතාව නොමග යැවීම සඳහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.