ජාඇළ, දඬුගම, බස්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.
ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ඊයේ රාත්‍රී 6.30 – 7.30 අතර කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබේ.
වෙඩි ප්‍රරහායට ලක්වූ පුද්ගලයින්ට නිවසින් පිටතට පැමිණ ලෙස දුරකථන ඇමතුමක්දී එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
එහිදී එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර අනෙක් පුද්ගලයා දිව ගොස් තිබේ.
වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාද පළාගොස් ඇති බව වාර්තා වෙයි.