Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන් ඇතුළු ඝාතන 6ක් සඳහා ෆ්‍රෑන්ක් ව පෙළඹුවේ කුමක්ද ?
    Featured

    දරුවන් ඇතුළු ඝාතන 6ක් සඳහා ෆ්‍රෑන්ක් ව පෙළඹුවේ කුමක්ද ?

    By LFNMarch 10, 2024No Comments4 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැනඩාවේ ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික පවුලේ දිවි බේරා ගනු ලැබු ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබා ඇති අතර ඔහු පෙරේදා (08) සැත්කමක් සඳහා ද යොමුකර තිබේ.

    එම ප්‍රහාරයෙන් ධනුෂ්කගේ අතේ ඇඟිල්ලක් ද අහිමිවී ඇති බව වාර්තා වෙයි.

    මේ අතර එම ප්‍රහාර සිදුකළ 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසාගේ නැන්දණිය පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර ඇතුළත ඔහුගේ හැසිරිමේ දැඩි වෙනස්වීමක් සිදුව ඇති අතරම ඔහු සිය ඥාතීන්ගෙන් සම්පූර්ණයෙන් දුරස්වී හුදෙකලා ජීවිතයකට හුරුව ඇති බවය.

    කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු සිය නිවස තුළදීම සාහසික ලෙස ඝාතනයට ලක්වුණේ පසුගිය බදාදා රාත්‍රීයේ දී ය.

    සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනය සිදු වූ නිවසේම පදිංචිව සිටි 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට පත් වුණි.

    මේ වනවිට එම තරුණයාට මිනිමැරීම් හයක සහ මිනී මැරීමට උත්සාහ කිරීම් එකකට චෝදනා එල්ලවී තිබේ.

    ඔටාවා ඉතිහාසයේ සිදුවු දරුණුතම සමූහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර ෆ්‍රෑන්ක්ගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ ඔහුගේ හැසිරීම මෑත කාලයේදී ඉතා ඉක්මනින් වෙනස්වීමකට ලක්වු බවය.

    ඒ සම්බන්ධයෙන් ෆ්‍රෑන්ක් ද සොයිසාගේ නැන්දණිය වන අනූෂා ද සොයිසා කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

    “මේ සිදුවීම අහලා මාව වෙව්ලන්න ගත්තා, ඒ පවුල ඔහුට ඉතා හොඳින් සැලකුවා. ඒ වගේම එම පවුල හරිම හොඳ පවුලක්, මේ දේ අහලා මම ගල් ගැසුණා, මට තවමත් නිදාගන්න බැහැ.”

    “මගේ සහෝදරයාගේ වැඩිමහල් පුතා තමයි ෆ්‍රෑන්ක්, මීට අවුරුදු දෙකකට පෙර තමයි ඔහු කැනඩාවට පැමිණියේ, ඔහු ඉතා නිහඩ තරුණයෙක් ඒවගේම ඉතා යහපත් පුද්ගලයෙක්.”

    ෆ්‍රෑන්ක් කැනඩාවට පැමිණි පසු පළමු මාසයේදී පදිංචිව සිට ඇත්තේ නැන්දණිය වන අනූෂා ද සොයිසා සමගය.

    ඇල්ගොන්ක්වින් විද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හැදරූ ෆ්‍රෑන්ක් එහිදි ඝාතන සිදුවීමෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන ධනුෂ්ක වික්‍රමසිංහ හඳුනාගෙන තිබේ.

    “ධනුෂ්කගේ පවුලේ සමාජිකයින් ඔටාවා වෙත පැමිණියාට පසු, ධනුෂ්ක ජිවත්වුණු බෙරිගැන් ඩ්‍රයිව් නිවසේ පදිංචියට ගියේ ඒ හැඳුනුම්කම මතයි.”

    කෙසේවෙතත් ධනුෂ්කගේ නිවසේ පදිංචියට යාමට පෙර ෆ්‍රෑන්ක් ඔටාවා හී තවත් ඥාතියෙකුගේ නිවසක වාසය කර ඇති බව ද නැන්දණිය පවසයි.

    ඇය පෙන්වා දෙන්නේ, පසුකාලීනව සිය ඥාතීන් සියලුදෙනා මගහැරි ෆ්‍රෑන්ක් ධනුෂ්කගේ නිවසේ වාසය කිරීමට ගොස් ඇති බවය.

    “ඔහු අවුරුද්දකට පෙර අපි සමඟ ඇති සබඳතා සියල්ල නතර කළා. දුරකථන අංක සබඳතා සියල්ල අවහිර කළා, ඒ වගේම සමාජ මාධ්‍ය තුළ පවා ඔහු අපිව ඉවත් කළා. ඔහුගේ ජිවිතයෙන් අපිව අවහිර කර දැම්මා. මම කවදාවත් හීනයකින්වත් මේ වගේ දෙයක් නම් හිතුවේ නැහැ.”

    මේ අතර දැඩි කැපුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින ධනුෂ්කගේ එක් අතක ඇඟිල්ලක් සම්පූර්ණයෙන් වෙන්ව ගොස් ඇති බව ඔහුගේ සුවදුක් විමසා බැලූ ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ පූජ්‍ය සූනිත හිමියන් පවසයි.

    ඔටාවාහී හිල්ඩා ජයවර්ධනාරාම විහාරස්ථානයේ පූජ්‍ය සූනිත හිමියන්,

    “ඔහුගේ මැද ඇඟිල්ල සම්පූර්ණයෙන්ම කැපීමෙන් ඉවත්වෙලා, අනෙක් ඇඟිල්ලට ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔහුගේ ඇගේ පිටුපස හා ඉදිරිපසට තුවාල සිදුව තිබෙනවා. ඔහුගේ මුහුණේ නාසයට සහ ඇස අතර කොටසේ විශාල කැපුම් පහරක් පවතිනවා.”

    තම බිරිඳ ඇතුළු දරුවන් ඝාතනයට ලක්කළ බවට පැවසෙන සැකකරු පිළිබඳවත් අනුකම්පා සහගතව බැලිය යුතු බව ධනුෂ්ක රෝහලේ සිට පවසා ඇත.

    “මගේ ජීවිතය විනාශ වුණා. නමුත් අපරාධය සිදුකළ පුද්ගලයාත් තරුණයෙක්. ඒ නිසා ඔහු පිළිබඳවත් සැලකිලිමත් විය යුතු බව ඔහු පැවසුවා.” යැයි කැනේඩියානු බෞද්ධ කොංග්‍රසයේ අධ්‍යක්ෂ නාරද කොඩිතුවක්කු පවසා තිබුණි.

    එමෙන්ම වික්‍රමසිංහ පවුල පදිංචිව සිටි නිවසේ හිමිකරු වන හර්ප්‍රීත් චාබ්රා ද ඝාතන සිදුවීම සම්බන්ධයෙන් කැනඩා මාධ්‍යයට අදහස් පළකළේය.

    “මම මේ ෆ්‍රෑන්ක් ද සොයිසා කියන පුද්ගලයාව දන්නේ නැහැ. මම මේ නිවස කුලියට ලබාදුන්නේ මේ පවුලේ අයට පමණයි. මම මේ පුද්ගලයා මොවුන් සමග ජිවත්වුණාද කියලා දන්නේ නැහැ. ඒ වගේම අමරකොන් කියන පුද්ගලයාත් මෙම නිවසේ ජීවත් වුණා ද කියලත් මම දන්නේ නැහැ.”

    නිවසේ හිමිකරු වැඩිදුරටත් පවසන්නේ පසුගිය සරත් සමයේදී පිරිස මෙම නිවසේ පදිංචියට පැමිණි බවය.

    “ධනුෂ්ක ඉතා කරුණාවන්ත හොඳ පුද්ගලයෙක් ඔහු නිසි වේලාවට නිවසේ කුලිය ගෙව්වා වගේම මේ නිවසත් හොඳින් රැකබලා ගත්තා.”

    “ඇත්තටම මට මේ සිදුවීම ගැන කියන්න චචන නැහැ, මම කම්පනයට පත්වෙලා වගේම මේ පවුල පිළිබඳව ලොකු කණගාටුවක් ඇතිවෙනවා.”

    සය පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවා පොලිසියේ අත්අඩංගුවේ පසුවන ෆ්‍රෑන්ක් ද සොයිසා ලබන 14වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කෙසේවෙතත් පුද්ගලයින් 6දෙනෙකු ඇතුළු කුඩා දරුවෙකු සමූහ ඝාතනය කිරීම සඳහා ෆෑන්ක්ගේ පෙළඹවීම කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.

    මේ අතර ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටින ධනුෂ්ක වික්‍රමසිංහ බැලීමට ගිය බව විදෙස් කටයුතු අමාත්‍යංශය අද නිවේදනය කළේය.

    එම නිවේදනයේ දැක්වෙන්නේ, මරණ පරීක්ෂණවලින් පසුව වින්දිතයින්ගේ ඥාතීන්ගේ කැමැත්තට අනුව මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන බවය.

    නිවසේ හිමිකරු හර්ප්‍රීත් චාබ්රා,

    “නිවසේ හිමිකරු විදිහට මම ගොඩක් පුදුම වුණා. ඒ පවුල සමගම සිටි කෙනෙක් මේ දේ කළේ. එහෙම කෙනෙක් සිටින බව මම දැන සිටියේ නැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202608 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.