ගාල්ල, නාගොඩ වලකුඹුර ප්‍රදේශයෙන් වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
සේවය අත්හිටුවා ඇති පොලිස් නිලධාරියෙකුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවූ දෙදෙනෙක් ඔහුගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ලබාගෙන අහසට වෙඩිතබා පළාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති බව පොලීසිය පවසයි.