අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක් විසින් එය සොයාගෙන ඇත.
පසු ව එය අහුන්ගල්ල පොලිස් නිලධාරින් හා එක් ව ගොඩගෙන තිබේ.
මෙම යතුරුපැදිය ඊයේ (01) දහවල් අහුන්ගල්ල නගරයේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය දැයි සෙවීමට විමර්ශනය සිදු කෙරෙමින් පවතියි.