Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට
    Featured

    වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට

    By LFNMarch 2, 2024No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා ඊයේ (01) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

    ඒ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය (29) කළ නියෝගයට අනුවය.

    ඔහු පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි විභාග කෙරුණේ මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඉදිරියේය.

    ප්‍රශ්නගත එන්නත සම්බන්ධ සිදුවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ මැදිහත්වීම කෙබඳු ද යන්න මහෙස්ත්‍රාත්වරිය මෙහිදි ප්‍රශ්න කළාය.

    රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය එහිදී පැවසුවේ, නඩුවට අදාළ වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට ඊයේ පෙරවරුවේ CIDය හමුවේ පෙනීසිටින ලෙස ඔහුගේ කුරුණෑගල ස්ථිර ලිපිනයට ලිඛිතව දැනුම් දුන් බවය.

    කෙසේ වෙතත්, පෙරේදා සිට පෙරේදා උදෑසන දක්වාම රත්නායක මහතාගේ පෞද්ගලික ජංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට ප්‍රකාශ කළාය.

    ඇය මෙහිදී පැවසුවේ, රත්නායක මහතා, තමා පෞද්ගලික කටයුත්තක් සඳහා පෙරේදා සහ පෙරේදා නිවාඩු ගත් බවට විමර්ශන නිලධාරියෙකුට කෙටි පණිවුඩයක් යොමුකරමින් සඳහන් කර තිබූ බවය.

    එමෙන්ම තමා සිටින්නේ, වනාතවිල්ලුවේ බැවින් ප්‍රකාශ ලබාදීමට වෙනත් දිනයක් ලබාදෙන ලෙස ද එම කෙටි පණිවුඩය මඟින් ඉල්ලා තිබිණි.

    නමුත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මාළිගාකන්ද අධිකරණයට පැවසුවේ, දින දෙකක් නිවාඩු ගන්නා බවට පැවසුවත්, රත්නායක මහතා පෙරේදා සවස්වරුව වනතෙක්ම සිය කාර්යාලයේ රාජකාරී කර ඇති බවට අනාවරණ වූ බවය.

    එබැවින් මෙම සියලු කරුණු සලකා බලා ඊයේ පෙරවරු 9ට ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස සමන් රත්නායක මහතාට නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලීමක් කළාය.

    එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය පැවසුවේ කිසියම් පුද්ගලයෙකු විමර්ශන මඟහරින්නේනම් ඊට අදාළ නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

    හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය නියෝග කළේ, ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමට අදාළ අනෙකුත් සියලු සැකකරුවන් දින 14ක් තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.