අහුන්ගල්ලේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
පොලීසිය සඳහන් කළේ අද (01) දින දහවල් කාලයේදී අහුන්ගල්ල පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩිවැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෙඩිතැබීම සිදුකළ අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පළාගොස් ඇත.
අහුන්ගල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.