යාපනයේ දූපත් 03ක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් කර තිබේ.
ඒ සඳහා ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 10.995ක ප්‍රදානයක් කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට නියමිතය.
සුළං බලයෙන් කිලෝවොට් 530ක්, සූර්ය බලයෙන් කිලෝවොට් 1700ක්, විද්‍යුත් කෝෂ හරහා කිලෝවොට් 2400ක් සහ ඩීසල් යොදාගෙන කිලෝවොට් 2500ක් උත්පාදනය කෙරෙයි.
මෙම ව්‍යාපෘතිය “USOLAR” සමාගම විසින් ක්‍රියාත්මක කරන බව X පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.