Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිනිස් ජීවිතයකට පාතාලේ තැබූ අලුත්ම ලංසුව
    Featured

    මිනිස් ජීවිතයකට පාතාලේ තැබූ අලුත්ම ලංසුව

    By LFNFebruary 29, 2024No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායීහී රැඳී සිටින රවී නැමැත්තෙකු විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 3ක කොන්ත්‍රාත්තුවක් මත වැල්ලේ සාරංගගේ මස්සිනා ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    වැල්ලේ සාරංග නම් අපරාධකරුගේ මස්සිනාව මහබාගේ, ඇලපිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කළේ පසුගිය 21වනදාය.

    මෙම ඝාතනය සිදුකිරීමට පැමිණි යතුරුපැදිකරු සූරියවැව ආඬිගම ප්‍රදේශයේදී අද අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

    සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකාය ඝාතන සිද්ධියේ වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත්තේය.

    එහිදී අනාවරණ වී තිබුණේ වෙඩික්කරු යුද හමුදාවේ සක්‍රීය සේවයේ නිරතව සිටින අයෙක් බවය.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා සූරියවැව, ආඬිගම කැලෑබද ප්‍රදේශයක වූ වාඩියක සැඟව සිටින බවය.

    පසුව පොලිස් විශේෂ කාර්ය බළකාගේ නිලධාරී කණ්ඩායමක් අද අළුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට එම ප්‍රදේශයට ගොස් තිබේ.

    එහිදී සැකකරු රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් විමර්ශන නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බව පොලීසිය පැවසීය.

    එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සැකකරු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ වෙඩි හුවමාරුව අතරතුර තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කළ බවය.

    මියගිය වෙඩික්කරු නුවන් ලක්ෂිත නම් 44 හැවිරිදි මීඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස යුද හමුදාවේ වසර 25ක් සේවය කර විශ්‍රාම ගොස් ඇත්තේ පසුගිය ජනවාරි මස 15වනදාය.

    ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන විදුරගේ මස්සිනාට පසුගිය වසරේ ජූනි 17 වනදා ගාල්ල සීනිගමදී වෙඩි තැබීමේ සිද්ධියේ මෙන්ම පසුගිය වසරේ අගෝස්තු මස 28 වනදා වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියේද පැදිකරු ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.