දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එම මරණය සම්බන්ධයෙන් ඊයේ (27) රාත්‍රී පොලීසියට ලැබුණු තොරතුරක් මත පරීක්ෂණ ආරම්භකර තිබේ.
45 හැවිරිදි මරණකරු විවාහක පුද්ගලයෙක් බවත් ඔහු බිරිඳගෙන් වෙන්වී සිය මව සමග නිවසේ ජීවත්වී ඇති බවත් පොලීසිය පැවසීය.
මව නිවසේ නොමැති අවස්ථාවක එම පුද්ගලයා සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.