Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊයෙත් ශ්‍රීලන්කන් ගමන්වාර 10ක් ප්‍රමාදයි, 3ක් අවලංගුයි
    Featured

    ඊයෙත් ශ්‍රීලන්කන් ගමන්වාර 10ක් ප්‍රමාදයි, 3ක් අවලංගුයි

    By LFNFebruary 28, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රීලංකන් ගුවන් යානාවල ගමන්වාර දහයකට වැඩි ප්‍රමාණයක් අද දිනයේත් ප්‍රමාද වී, තවත් ගුවන් ගමන්වාර තුනක් මුළුමනින්ම අවලංගු කළ බව එම ගුවන් සමාගම පවසයි.

    මෙවන් තත්ත්වයක් නිර්මාණය වූයේ ඉකුත් ඉරිදා ගුවන් ගමන්වාර හතරක් ප්‍රමාදයෙන් නොසන්සුන්තාවක් ඇතිවී පැය 48ක් ඉක්මයාමටත් පෙරවීම විශේෂත්වය කි.

    ශ්‍රීලන්කන් ගුවන් සමාගම පවසන්නේ මෙය යථා තත්ත්වයට පත්වීමට දින පහක් පමණ ගතවිය හැකි බවයි.

    ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර ප්‍රමාදවීම සහ ඇතැම් ගමන් වාර අවලංගුවීමේ සිද්ධීන් පසුගිය කාලය පුරා වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් ඉරිදා ය.

    එහිදී අපහසුතාවට පත්වූ ගුවන් මගීන්ගෙන් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සේවකයින්ට දැඩි දෝෂාරෝපණ එල්ලවූ අතර ගුවන්යානයක මීයෙකු සිටීම ගුවන් ගමන් ප්‍රමාදයට බලපෑ බව විෂයභාර ඇමතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය (26) පැවති සාකච්ඡාවේදී අනාවරණ විය.

    එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රීලංකන් සභාපතිවරයා පැවසුවේ අර්බුදයට ප්‍රධාන හේතුව ගුවන්සේවය සතුව ප්‍රමාණවත් ගුවන්යානා නොමැතිවීම බවයි.

    එවන් පසුබිමක අද නැවතවරක් ගුවන් ගමන්වාර 10 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද විය.

    එසේම ගුවන් ගමන්වාර 03කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේදී අවලංගුවී ඇති බව වාර්තාවිය.

    ඒ අනුව අද උදෑසන ක්‍රියාත්මකවූ UL121 චෙන්නායි, UL364 ජකර්තා, UL314 ක්වාලාලම්පූර්, UL189 ඩකා දක්වා ගුවන් ගමන්වාර ප්‍රමාදවී ක්‍රියාත්මකවූ බව වාර්තාවෙයි.

    එමෙන්ම අද පස්වරුවේ ක්‍රියාත්මක වීමට නියමිත UL265 රියාද්, UL470 සෝල්, UL103 මාලේ, UL225 ඩුබායි සහ UL229 කුවේට් යන ගුවන්වාරයන්ද ප්‍රමාද වන බව වාර්තාවිය.

    ඒ අතර ශ්‍රීලංකන් ගුවන්සේවය අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත චෙන්නායි, බැංගලෝර් සහ අබුඩාඩි යන ගමනාන්ත වෙත සිදු කිරීමට නියමිතව තිබූ ගුවන්වාර අවලංගු කිරීමටද සිදුව තිබුණි.

    මේ අතර ගුවන්ගමන් ප්‍රමාදය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතිවන අර්බුදකාරී තත්ත්වය පාලනයට විකල්ප සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ඉන්ජිනේරු අතුල ගල්කැටිය මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 202606 Views

    ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන්…

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.