Close Menu
Lanka Focus News
    What's Hot

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියට පත්වෙලා
    Featured

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියට පත්වෙලා

    By LFNFebruary 27, 2024No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බව එම සංගමය පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ මේ සිදුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියකට පත්ව ඇති බවය.

    “මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් කරලා සත්‍ය තොරතුර අනාවරණය කළ යුතුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වෙද්දී මේ හේතුව නිසා යම් කම්පනයකට සහ බියට ලක්වෙලා ඉන්නවා තමන්ගේ රාජකාරිය නිසා ආකාරයෙන් ඉටු කිරීම නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා?”

    ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ ඊයේ පෙරවරු 7.35ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා සිය නිවස තුළදීම ඝාතනයට ලක්වුණි.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් නිවසට ඇතුළුවී වෙඩිතබා තිබුණි.

    තිදරු පියෙකු වූ ඔහු මියයන විට 51 හැවිරිදි වියේ පසුවිය.

    එම අපරාධය සිදුකර ඇත්තේ ඔහු සිය පුත්‍රයා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට රැගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේදීය.

    කිසියම් අයෙකු පැමිණ ගෙමිදුලේ සිට කතාකරන හඬ ඇසී ඔහු නිවසේ දොර විවෘත කර ඇති අතර ඒ අවස්ථාවේ වෙඩික්කරුවන් පිස්තෝල ගිනි අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ.

    මියගිය ඩබ්ලිව්.ඩී. රෝෂන් කුමාර නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස රාජකාරී කළේය.

    ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පෙරවරුවේ සිදුකෙරුණි.

    ඔහු ආහාර සෞඛ්‍ය පිළිබඳ වෘත්තිය දේශකයෙකු මෙන්ම නීතී කෘත්‍ය රැසක උපදේශකයෙකු ලෙසද සිය සේවා කාර්යක්ෂමව ඉටුකරමින් සිටි නිලධාරියෙක් බව විවිධ පාර්ශ්ව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 202603 Views

    මාදම්පිටිය, කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව…

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.