Close Menu
Lanka Focus News
    What's Hot

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියට පත්වෙලා
    Featured

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියට පත්වෙලා

    By LFNFebruary 27, 2024No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බව එම සංගමය පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ මේ සිදුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්පනයට හා බියකට පත්ව ඇති බවය.

    “මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් කරලා සත්‍ය තොරතුර අනාවරණය කළ යුතුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වෙද්දී මේ හේතුව නිසා යම් කම්පනයකට සහ බියට ලක්වෙලා ඉන්නවා තමන්ගේ රාජකාරිය නිසා ආකාරයෙන් ඉටු කිරීම නිසා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා?”

    ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ ඊයේ පෙරවරු 7.35ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා සිය නිවස තුළදීම ඝාතනයට ලක්වුණි.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් නිවසට ඇතුළුවී වෙඩිතබා තිබුණි.

    තිදරු පියෙකු වූ ඔහු මියයන විට 51 හැවිරිදි වියේ පසුවිය.

    එම අපරාධය සිදුකර ඇත්තේ ඔහු සිය පුත්‍රයා පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට රැගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේදීය.

    කිසියම් අයෙකු පැමිණ ගෙමිදුලේ සිට කතාකරන හඬ ඇසී ඔහු නිවසේ දොර විවෘත කර ඇති අතර ඒ අවස්ථාවේ වෙඩික්කරුවන් පිස්තෝල ගිනි අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ.

    මියගිය ඩබ්ලිව්.ඩී. රෝෂන් කුමාර නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස රාජකාරී කළේය.

    ඝාතනය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පෙරවරුවේ සිදුකෙරුණි.

    ඔහු ආහාර සෞඛ්‍ය පිළිබඳ වෘත්තිය දේශකයෙකු මෙන්ම නීතී කෘත්‍ය රැසක උපදේශකයෙකු ලෙසද සිය සේවා කාර්යක්ෂමව ඉටුකරමින් සිටි නිලධාරියෙක් බව විවිධ පාර්ශ්ව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 202601 Views

    බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර…

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.