Close Menu
Lanka Focus News
    What's Hot

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දක්ෂිණ අධිවේගයේ තවත් බිහිසුණු අනතුරක් – ජීවිතයක් අහිමිවෙයි
    Featured

    දක්ෂිණ අධිවේගයේ තවත් බිහිසුණු අනතුරක් – ජීවිතයක් අහිමිවෙයි

    By LFNFebruary 26, 2024No Comments1 Min Read193 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී අද (26) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබිණි.

    කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන්ගත් ලොරියක ගැටීමෙන් අනතුර සිදුව තිබූ අතර, රෝහල්ගත කළ කුඩා ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් රෝහල්ගත කළ අතර ඒ අතර බරපතළ තත්ත්වයෙන් සිටි රියදුරු මෙලෙස මියගොස් ඇත.

    පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය වෙත මාළු මිලදී ගැනීම සඳහා රත්ගම සිට යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු රැගත් ලොරියක් මෙලෙස හම්බන්තොට සිට කුරුණෑගල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුරට ලක්ව තිබිණි.

    අනතුර සිදු වූ වහාම එම ස්ථානයට ළඟා වූ ගැලණිගම රථවාහන ඒකකයේ නිලධාරීන් සහ ගිනිනිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විනාඩි 20ක පමණක් මෙහෙයුමකින් අනතුරුව යාන්ත්‍රික උපකරණ භාවිතා කරමින් කුඩා ලොරිය තුළ සිරවී සිටි පුද්ගලයන් තිදෙනා දැඩි වෙහෙසක් දරා ලොරියෙන් පිටතට ගන්නා අයුරු ජංගම දුරකථනයක ද සටහන්ව තිබිණි.

    කුඩා ලොරි රථයේ රියදුරුට නින්ද යෑම අනතුරට හේතුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

    අනතුරින් කුඩා ලොරි රථයට දැඩි හානි සිදුව තිබුණු අතර, අනතුරින් මියගියේ 55 හැවිරිදි කමල් සොයිසා නැමති රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 202605 Views

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන්…

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.