Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»පාඨලී ජනපතිව හමුවෙයි
    Political

    පාඨලී ජනපතිව හමුවෙයි

    By LFNFebruary 25, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීය.

    “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පෙරවරුවේ සිදු විය.

    එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ස්ථාවර කරගැනීමට පසුගිය දෙවසරක කාලය තුළ රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කළ බවය.

    ප්‍රතිසංස්කරණමය තීන්දු තීරණ සමඟ රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන ඒමට රජය මේ වනවිට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනාගේ සහාය ඇතිව එය ඉදිරියට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවද පැවසීය.

    දේශපාලන බේදයකින් තොරව රට වෙනුවෙන් පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස තමා සෑම අවස්ථාවකදීම සියලු දේශපාලන පක්ෂ වෙත සිදු කරන විවෘත ආරාධනය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ අනෙකුත් දේශපාලන පක්ෂවල ද සියලු සාධනීය යෝජනා රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක් කරගැනීමට තමා පසුබට නොවන බවය.

    විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ලබන මාසයේ දී පැවැත්වෙන සාකච්ඡා සඳහා අනෙකුත් දේශපාලන පක්ෂවලටද සහභාගි වීමට අවස්ථාව සලසා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙහිදී කළ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මන්නාරම ගංවතුර පාලනයට ස්ථීර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    December 14, 2025

    ආපදාවේ බලපෑමෙන් සහල් හිගයක් මතුවීමේ හැකියාවක් නැහැ

    December 14, 2025

    නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් අවසන්ද ?

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම් නිසා හෙට මි.මී. 100ට වැඩි වැසි

    December 17, 20250120 Views

    නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය…

    ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට චීන රජයේ උපරිම සහාය

    December 17, 2025

    ත්‍රිවිල් රියදුරෙක් වෛද්‍යවරයෙකුට පහරදී බදුල්ල රෝහලේ වර්ජනයක්

    December 17, 2025

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.