කහතුඩුව – රිලාවල ප්‍රදේශයේ දී ඊයේ (23) පස්වරුවේ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ.
කහතුඩුව පොලීසිය පැවසුවේ, තුවාලකරු මේ වන විට වෑතර දිසාරෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කහතුඩුව දෙස සිට පැමිණි යතුරු පැදියක් හොරණ – කොළඹ මාර්ගයේ මත්තෙගොඩ දෙසට හැරවීමේ දී කොළඹ සිට පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදු ව තිබේ.
යතුරුපැදිකරුගේ සහ මෝටර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය සිදු කළ විමර්ශනවල දී හෙළි වී ඇත.