Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට දරු ජීවිත ලක්ෂයක් අනතුරේ
    Featured

    මෙරට දරු ජීවිත ලක්ෂයක් අනතුරේ

    By LFNFebruary 24, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ ආර්ථිකය කඩාවැටුණු පවුල්වල දරුවන් ලක්ෂයක පමණ පාසල් ගමන අතරමඟ නතර වී ඇති බවට ආර්ථික පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

    එම සභාවේදී ප්‍රකාශ වූයේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් මහජන උපයෝගිතා කොමිසම ඊට වගකිව යුතු බවය.

    මීට අමතරව විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් පසුගිය වසර තුළ කර්මාන්ත දෙලක්ෂ පනස් දහසක් පමණ වැසී ගොස් ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය විය.

    ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට පසුගිය (22) දිනයේ දී කර්මාන්ත අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවා තිබුණි.

    එහිදී අනාවරණ වුණේ විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් 2023 දෙසැම්බර් 31 වනවිට දිවයින පුරා විදුලිය විසන්ධි කිරීම් ද 1,069,000ක් සිදුව ඇති බවය.

    ඊට නිවාස, කර්මාන්තශාලා, ආගමික ස්ථාන මෙන්ම පාසල් ද ඇතුළත් වේ.

    මේ හේතුවෙන් එම වසර තුළ කර්මාන්ත 250,000ක් පමණ වැසි ගොස් ඇති අතර, කර්මාන්ත ශාලා 214,000ක් ස්ථිරවම වැසී ගොස් ඇති බවට හෙළිවිය.

    තවත් කර්මාන්තශාලා 50,000ක් පමණ තාවකාලිකව වසා දමා ඇති අතර, ඉදිරියේදී සිදුකරන්නේ කුමක් ද යන්න පිළිබඳ එම කර්මාන්ත හිමිකරුවන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250132 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.