Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 2025

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා විදෙස්ගත ලාංකිකයකුට වෙඩි තබලා
    Hot News

    ආහාර ඇණවුම ප්‍රමාද වූ බව පවසා විදෙස්ගත ලාංකිකයකුට වෙඩි තබලා

    By LFNFebruary 24, 2024No Comments3 Mins Read161 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

    රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න නමැති 44 හැවිරිදි දෙදරු පියකුට මෙසේ වෙඩි තබා ඇත.

    මොහු වසර 08ක් පමණ කුවේට් රාජ්‍යයේ රැකියාව කර ඇති අතර, අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ, 2022-10-25 වැනි දා ය.

    ආහාර ඇණවුම් රැගෙන යන රියදුරකු වශයෙන් මොහු රැකියාව සිදු කර ඇති අතර, ඉකුත් ජනවාරි 10 වැනි දා ලද ඇණවුමක් රැගෙන යාමේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    රැගෙන ගිය ආහාර ඇණවුම ප්‍රමාද වී ඇති බව පවසා අදාළ පාරිභෝගිකයා තමාට වෙඩි තැබූ බව තුවාලකරු පවසයි.

    වෙඩි තැබීමෙන් තුවාලකරුගේ උදරය ප්‍රදේශයට බරපතළ තුවාල සිදු ව ඇති අතර, ඔහුට මැහුම් 40ක් ද දමා ඇතැයි වාර්තා වේ.

    වෙඩි වැදීමෙන් පසු තුවාලකරු, සිය මෝටර් රථයෙන්ම නැවත පැමිණ ඇති අතර, අතරමඟ රථය නවතා සිය ඉන්දියානු මිතුරකුට දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය පිළිබඳ පවසා ඇත.

    ඉන් පසු ඔහු ව රෝහල්ගත කර ඇත.

    තුවාලකරුට 13 හැවිරිදි සහ 10 හැවිරිදි පාසල් යන දියණියන් දෙදෙනෙකු ද සිටින අතර, ඔහු ඉල්ලා සිටින්නේ, සාධාරණයක් ඉටු කර තමා ව ලංකාවට ගෙන්වාගන්නා ලෙසයි.

    තුවාල ලැබූ කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න මහතාගේ බිරිඳ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ අදහස් දක්වා තිබිණි.

    ”අපි අසරණ වෙලා. මටයි දරු දෙන්නටයි ඉගෙන ගන්න, පංති යන්න, ජීවත් වෙන්න විදිහක් නැහැ. අපි පදිංචි වෙලා ඉන්නෙ රාජාංගණය ප්‍රදේශයේ. මහත්තයා අවුරුදු 09ක් කුවේට්වල ප්‍රසිද්ධ හෝටලයක සකස් කරන ආහාර නිවාසවලට ඇණවුම් අනුව රැගෙන ගොස් භාර දෙන්නකු හැටියට සේවය කරනවා. එයා මෙහෙ පෙදරේරුවකු වශයෙන් සේවය කළා. දුවලා දෙන්නට අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා, ගෙයක් හදා ගන්න ඕනෑ නිසා එයා කුවේට්වල රැකියාවට ගියා. එයා තුන් පාරක් රට ගිහිල්ලා තියෙනවා. එයා අන්තිම වරට කුවේට් ගියේ 2022 ඔක්තෝම්බර් මාසෙ 25 වැනි දා. මහත්තයා කුවේට්වල දිගු කලක් සේවයේ නිරත වී සිටින නිසා, එහෙ පාරවල් ගැන හොඳටම දන්නවා. එදා 2024 ජනවාරි මාසයේ 10 වැනි දා අලුයම 04.00ට ජහරා ප්‍රදේශයේ පුද්ගලයෙකුට ආහාර ඇණවුමක් භාර දීමට පිටත් වෙලා තියෙනවා. ඒත් යා යුතු ගමන් මාර්ගය සහ භාර දිය යුතු ස්ථානය (Location) වැරදියට දීලා තියෙන්නේ. ඒ නිසා ඒ ඇණවුම භාර දීමට නියමිත ස්ථානය යළිත් හෝටලයට කතා කරල හොයා ගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙලා තියෙනවා. අවසානයේ නියමිත ස්ථානයට ගිහිං ආහාර ඇණවුම භාර දෙන්න හදන විට, එය භාර ගන්න සිටි පුද්ගලයා වෙඩි දෙකක් තියලා තියෙනවා. ඒ වෙඩි පහර කාගෙන, එයා මෝටර් රථයෙන් ටික දුරක් ඇවිත්, බැරි තැන එයාගෙ ඉන්දීය යාළුවෙකුට කතා කරල රෝහල්ගත වෙලා තියෙනව. එයාට රෝහලේ දී උගුරේ සිට බඩ දක්වා මැහුම් 40ක් දාලා තියෙනවා. දැන් ජනවාරි මාසයේ ඉඳලා අපිට ජීවත් වෙන්න මුදල් නැහැ. ලොකු දුව 08 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පොඩි දුව 05 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පංති යන්න විදිහක් නැහැ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ තවත් ඉහළට

    December 14, 2025

    රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

    December 11, 2025

    රතු නිවේදනයට අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ඉවත්කිරීමට දැනුම්දීමක්

    December 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 6ක් අහිමි වෙයි

    December 17, 20250117 Views

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු මියගොස් තිබේ. ඊයේ…

    මහර සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක ජල කප්පාදුවක්

    December 17, 2025

    යුරෝ ලක්ෂ 5ක් වටිනා ආධාර තොගයක් දිවයිනට

    December 17, 2025

    අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.