දෙහිවලදී හිතාමතා පුද්ගලයෙකු මෝටර් රථයෙන් අනතුරට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු මාර්තු මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 30 හැවිරිදි වියේ පසුවන සැකකරු ඊයේ ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
දෙහිවල පොලිස් වසමේ කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ පෙරවරු 9.45ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලීසිය පවසයි.
මියගිය තැනැත්තා කටුබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක අයෙකි.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය මෝටර් රථයේ රියදුරු විසින් යතුරුපැදිකරු හිතාමතා හප්පා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බවටය.
අනතුර සිදුවූ අවස්ථාවේ ජංගම දුරකථනයෙන් පටිගත කළ දර්ශන පෙළක් ඉහතින්.