ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරිය තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් විසිකළ සැකකරුවෙකුට අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ.
මෙලෙස සිරදඬුවම් නියම කර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මෙම සිර දඬුවම නියම කර ඇත.
ඔහුට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා සැකකරු ඊයේ (22) අධිකරණය වෙත පැමිණ තිබුණි.
එහිදී විවෘත අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පැවති අවස්ථාවේදී සැකකරු විසින් මෙලෙස සිරමැදිරිය තුළට පාර්සලයක් විසිකර ඇත.
එම සිදුවීම දුටු විනිසුරුවරයා ක්ෂණිකව ක්‍රියාත්මකව ඇති අතර අධිකරණ භාර පොලිස් නිලධාරියා විසින් එම පාර්සලය ගෙන පරීක්ෂා කිරීමේදී එහි අයිස් මත්ද්‍රව්‍ය අඩංගුව ඇති බවට හෙළිවී තිබේ.
එම පාර්සලය තුළ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 900ක ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ මාස 03ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ බරපතළ වැඩ සහිතව මාස 03ක් බැගින් ඔහුට මෙලෙස මාස 6ක කාලයක් සිර දඬුවම් නියම කර ඇත.