ඊයේ (22) රාත්‍රියේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ 08 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයකි.
අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර නානුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.