බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු රඳවා සිටි සිරමැදිරිවලින් ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ.
ඊයේ (21) දිනයේ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා රැඳීසිටින සිරමැදිරියෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාර යන අය රැඳීසිටින සිරමැදිරියෙන් ඒවා සොයාගෙන ඇති බව සඳහන් ය.
මෙහිදී ජංගම දුරකථන 04ක්, සිම් කාඩ්පතක්, දුරකථන අංක සහිත පොතක් සහ දුරකථන උපාංග කිහිපයක් සොයාගෙන තිබේ.
ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයාගේ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව විශේෂ කාර්ය බළකාය පවසයි.