මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පින්නවල පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී සැකකරු අත්අඩංගුඅවට ගෙන ඇති බව සඳහන් ය.
අත්අඩංගුවට ගත් සැකකරු මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, ඉංගිරිය කුරණ ප්‍රදේශයේ දී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වේ.