Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිමිකරුවෙක් නොමැති මල්වානේ නිවස ගැන තීරණයක්
    Featured

    හිමිකරුවෙක් නොමැති මල්වානේ නිවස ගැන තීරණයක්

    By LFNFebruary 22, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

    “විනාශයට පත්වී තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළ වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සඳහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සඳහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කිරීම සඳහා යෝජනා කළා.”

    “පසුගිය කාලයේ සිදුවු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 20250131 Views

    මෝටර් රථයක තිබී T-56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ සහිත පතුරම් ගැබ් 2ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව…

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.