Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිමිකරුවෙක් නොමැති මල්වානේ නිවස ගැන තීරණයක්
    Featured

    හිමිකරුවෙක් නොමැති මල්වානේ නිවස ගැන තීරණයක්

    By LFNFebruary 22, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති නිවස සහ අක්කර 15ක ඉඩම ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ (21) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

    “විනාශයට පත්වී තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාළ වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සඳහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සඳහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිත කිරීම සඳහා යෝජනා කළා.”

    “පසුගිය කාලයේ සිදුවු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කළා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202609 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.