Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නෞකාවක සේවයට ගිය තරුණයෙකු මුහුදට වැටිලා
    Featured

    නෞකාවක සේවයට ගිය තරුණයෙකු මුහුදට වැටිලා

    By LFNFebruary 22, 2024No Comments2 Mins Read170 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් රටක නෞකාවක සේවයට ගිය ශ්‍රී ලාංකකයෙකු මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවට පැවසෙන පුවතක් වාර්තා වෙයි.

    හොරණ, අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ පදිංචි චිරාත් සඳරූ නම් 21 හැවිරිදි තරුණයෙකු ජර්මනියේ නැව් සමාගමකට අයත් භාණ්ඩ ප්‍රවාහන නව්කාවක සේවය සඳහා ඉකුත් ජනවාරි මස 2 වනදා ගොස් තිබුණි.

    පසුව ඔහු ස්පාඤ්ඤයේ “සෙන්ටුකා බේ” නැමති නෞකාවට සේවය සඳහා එක්වී ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව පසුගිය 18 වනදා ඔහුගේ උඩුවර නිවෙසට පැමිණි අදාළ නැව් සමාගමේ මෙරට කළමනාකරුවන් දෙදෙනෙකු පවසා ඇත්තේ චිරාන් සඳරු මුහුදට වැටී ඇති බවය.

    එම තරුණයා 17 වනදා රත්‍රි 10.00 පමණ මුහුදට වැටී ඇති අතර නෞකාවේ කපිතාන්වරයා ප්‍රමුඛ සේවකයින් ඒ බව දැනගෙන ඇත්තේ පැය 04කට පමණ පසුව බවත් නිවෙසට පැමිණි පුද්ගලයන් දෙදෙනා පවසා ඇත.

    ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

    මේ අතර අදාළ පුද්ගලයන් දෙදෙනා පසුගිය 18 වනදා නැවතත් මෙම නිවැසියන්ට දුරකථනයෙන් අමතා ඇත්තේ සඳරු සවස 2.30ට පමණ මුහුදට වැටී ඇති බවත් එය දුටු බව කියන සේවකයා නැවේ කපිතාන්වරයාට මේ බව දන්වා ඇති බවත් ය.

    ඒ අනුව ඒ මොහොතේම සෙවීම් කටයුතු සිදුකර ඇති බවත් ඔවුන් පවසා ඇත.

    ඊට පසු දින නිවැසියන් කොළඹ පිහිටි අදාළ ඒජන්සියට ගොස් ඒ පිළිබඳව වැඩිදුර සොයාබලා ඇති අතර එහිදී ද දැනගැනීමට හැකිවී ඇත්තේ අදාළ තොරතුරම පමණි.

    නිවැසියන් පසුව වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයට ගොස් ඒ බව දන්වා ඇති අතර එහිදී ද පවසා ඇත්තේ ඒ පිළිබඳව ඊමේල් පණිවුඩයක් ලැබී ඇති බවය.

    එදිනම හෙට්ටියාවත්තේ පිහිටි අදාළ ඒජන්සියෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති අතර ඉන් පවසා ඇත්තේ නැවේ සේවකයින් තුන්දෙනෙකු සමග බහාලුම් අංක දැමීමට සඳරු ගොස් නැවත පැමිණ ඇත්තේ තුන්දෙනෙකු බව නැවේ එන්ජින් භාරව කටයුතු කරන පුද්ගලයා පවසා ඇති බවත් සදරූ අතුරුදන් බවත් ය.

    සඳරුගේ පියා වන රංජිත් සිල්වා පැවසුවේ,

    “පුතා නැවේ සිටියදී අතුරුදන්වීම අපිට සම්පූර්ණ සැකයක් තිබෙනවා. සෙනසුරාදා පුතා නිවාඩු දවසක් කියල විවාහ වෙන්න ඉන්න දියණියට sms එකක් මගින් එවලා තියෙනවා. මේ සිද්ධිය සම්පූර්ණ සැකයි. අපිට මේ වෙනකොට පස් ආකාරයෙන් මේ පිළිබඳව එක එක විස්තර දීලා තියෙනවා. මේ පිළිබඳව අදාළ ජර්මන් සමාගමෙන් සහ ජාත්‍යන්තර පොලීසියෙන් අපි ඉල්ලා සිටින්නේ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසයි.”

    සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කොටහේන පොලීසියෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202604 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.