Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලක්මවට මැණිකක් වූ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුව අවසන් ගමන් යයි
    Featured

    ලක්මවට මැණිකක් වූ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුව අවසන් ගමන් යයි

    By LFNFebruary 22, 2024No Comments2 Mins Read281 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු ඊයේ (21) සිදු කරන්නට යෙදිණි.

    වචනයේ පරිසමාප්ත අරුතින්ම ලක්මවට මැණිකක් වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා ය.

    කැලණිය සරසවියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වන ඇය අඩු වයසින්ම අධ්‍යාපන කඩඉම් ජයගත් තරුණියකි.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවේ 2022 වසරේ දක්ෂතම ශිෂ්‍යාව මෙන්ම වැඩිම ලකුණු ලැබූ සිසුවිය බවට ද ඇය පත්වන්නේ, පොතපත පමණක් නොව නැටුම් ගැයුම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලටත් දක්ෂ සහ දීප්තිමත් සිසුවියක ලෙස සරසවිට කීර්තියක් අත්කර දෙමිනි.

    ඉහළ සමත්කම් නිසාම 2023 වසරේ දී ඇය සිය සරසවිය වූ කොළඹ විශ්වවිද්‍යාලයේම ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස සිය වෘත්තිය දිවිය ආරම්භ කළා ය.

    එමෙන්ම මේ රුවැත්තිය දහම් අධ්‍යාපනයට දැක්වූ ඇල්ම නිසාම දහම්පාසල් ආචාර්යවරියක ලෙසත් කටයුතු කළා ය.

    නිරතුරු මුහුණේ සුන්දර සිනහවක් තබාගත් ඇය, පසුගිය 16 වැනි දාත් සරසවිය බලා නිවසින් පිට වන්නේ, තමා එන තුරු බලා සිටින සරසවි දරුවන්ගේ දෙනෙත් පාදන්නටයි.

    නමුත් ඇයට සිය ගමනාන්තය දක්වා යන්නට නොලැබිණි.

    ලොරි රථයක් බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇය ව අනතුරට ලක්කර තිබුණේ, නොසිතූ ලෙසිනි.

    කඩිනමින් ඇය ඒ අසල පෞද්ගලික රෝහලකටත් ඉන් පසු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයටත් ඇතුළත් කෙරුණ ද සැමගේ බලාපොරොත්තු සුන් කරමින් පසුගිය 18 වැනි දා ඇය අවසන් සුසුම් හෙළුවා ය.

    ඒ, අනතුරින් ඇගේ හිසට සිදු ව තිබූ බරපතළ හානි හේතුවෙනි.

    ඇගේ මරණය සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟ එය රටේම කතාබහට ලක්වුණේ, පුදුමසහගත ලෙසිනි.

    මුහුණුපොතේ ද ඇය ගැන සටහන් රැසක් පළ විය.

    රටක් හැඬවූ ඇය ඊයේ (21) සිය ආදරණීයයන් ඇතුළු සියලු දෙනාගෙන් ම සමුගෙන අවසන් ගමන් ගියා ය.

    දේහය පිළිබඳ අවසන් කටයුතු ප්‍රදේශවාසීන්, සරසවි ප්‍රජාව ඇතුළු රැසකගේ සෝ සුසුම් මැද සිදු කෙරුණේ, තලවතුගොඩ – වැලිපාර පොදු සුසාන භූමියේ දී ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202604 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.