ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා වෙත ඊයේ (21) නිල වශයෙන් භාරදුන් බව නාවික හමුදාව නිවේදනය කර ඇත.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රදීප් රත්නායක මහතා 1987 වර්ෂයේ දී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් ව තිබිණි.
ක්‍රමාණුකූල ව උසස් වීම් ලැබූ ඔහු 2021 වර්ෂයේ ජූලි මස පළමු වැනි දා රියර් අද්මිරාල් නිලයට උසස් වූ බව නාවික හමුදාව පැවසීය.
රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතා සිය සේවා කාලය තුළ නිලතල රැසක් දරා ඇති අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර ඔහු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කර තිබේ.