Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රිය අනතුරක් ද ? මනුෂ්‍ය ඝාතනයක් ද ?
    Featured

    රිය අනතුරක් ද ? මනුෂ්‍ය ඝාතනයක් ද ?

    By LFNFebruary 22, 2024No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවලදී මෝටර් රථයක් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ස්කූටරයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකි.

    52 හැවිරිදි වියේ පසුවන ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    දෙහිවල කඩවත පාරේ පැරකුම්බා මාවතට හැරෙන මංසන්ධිය අසළ දී මෙම අනතුර සිදුව ඇත.

    මෙම අනතුර හිතාමතා සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    අනතුරට පෙර සැකකාර මෝටර් රථයේ රියදුරු සහ මියගොස් ඇති පුද්ගලයා අතර බහින්බස්වීමක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

    කෙසේ වෙතත් විමර්ශන සිදුකළ දෙහිවල පොලීසිය විසින් මේ වනවිට සැකකාර කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරු හෙටදින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 202609 Views

    පවතින වර්ෂාපතනයත් සමග දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 9ක් සහ…

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.