වීසා නොමැතිව මෙරට රැදී සිටින චීන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන්නැයි එම චීන කාන්තාව ඊයේ (20) දහවල් අත්අඩංගුවට ගත්බව බේරුවල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මංගල මාවතේ පදිංචි 36 හැවිරිදි චීන කාන්තාවකි.
වලංගු වීසා නොමැතිව චීන කාන්තාවක් බේරුවල මංගල පාරේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම පැමිණිල්ල විභාග කිරීම සඳහා එහි ගොස් ඇති බවත්, එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුව ඇති බවත් පොලීසිය පැවසීය.
පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර ඇති බවත් , සැකකාර වීන කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් පැවසීය.
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.