Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න
    Featured

    දැඩි අව් රශ්මියෙන් ආරක්ෂා වෙන්න

    By LFNFebruary 21, 2024No Comments2 Mins Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය ශරීරයට ඉතා අහිතකර වීමට ඉඩ ඇති බැවින් දිවා කාලයේ හැකි තරම් අව් රශ්මියෙන් ආවරණය වන පරිදි සෙවනේ සිටින ලෙසත් හැකි තරම් ජලය පානය කරන ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසීය.

    විශේෂයෙන් අව් රශ්මියේ ගමන් කරන්නේ නම් හිස්වැසුමක් හෝ කුඩයක් භාවිත කරන ලෙසටද අත්‍යවශ්‍ය කාර්යයක් නම් අව් රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටින්නීය.

    පිපිඤ්ඤා කොමඩු වැනි දෑ නිරන්තර ආහාරයට ගැනීම තුළින්ද ශරීරයට යහපත් බව පෙන්වා දෙන වෛද්‍ය හේමා වීරකෝන් ජලය ටික ටික හෝ දිනයේ වැඩි අවස්ථා ගණනක් අනිවාර්යෙන් පානය කිරීම අත්‍යවශ්‍ය බවද කියයි.

    එමෙන්ම මේ දිනවල පාසල්වල සිදු කරන ක්‍රීඩා කටයුතුවලදී දරුවන් තද අව්වේ තැබීම ඉතාමත් අහිතකර බැවින් තද අව්වේ දරුවන් ක්‍රීඩාවන්ගේ යෙදවීමෙන් වරක්වන ලෙසටද ඇයි ඉල්ලා සිටියාය.

    පවතින කාලගුණ තත්ත්වය හමුවේ චර්ම රෝගයන්ද පැතිර යන බැවින් අව්ව වැසෙන සේ ඇඳුමක් හෝ අව්රශ්මියට ඔරොත්තු දෙන ක්‍රීම් වර්ගයක් (sun cream ) භාවිත කරන ලෙසට ද ඇය දන්වා සිටියාය.එමෙන්ම බහුලව මුත්‍රා ආශ්‍රිත රෝග වැඩි වශයෙන් මේ තත්ත්වය හමුවේ සිදුවන බවද වෛද්‍යවරිය පැවසුවාය.

    මිනිසා විසින් පරිසර දූෂණ අධික ලෙස සිදුකිරීම හේතුවෙන් ඕසෝන් ස්ථර විනාශ වී ඇති බැවින් ශරීරයට සෘජුවම කිරණ වර්ග පතිත වීම මේ තත්ත්වයට හේතුව බවද ඇය කීවාය.

    දිවා කාලයේ අව්රශ්මියට නිරාවරණය වී අධික ලෙස වෙහෙස වන කාර්යයන්ගේ නියැළීම තුළින් මෙමඟින් මරණය පවා සිදුවිය හැකි බැවින් අත්‍යවශ්‍යම කාරණා වලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගෙන තම කාර්යයන්ගේ නියැලෙන ලෙසටද වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202604 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.