Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අගරදගුරු මැදුරෙන් නිවේදනයක්
    Featured

    අගරදගුරු මැදුරෙන් නිවේදනයක්

    By LFNFebruary 20, 2024No Comments2 Mins Read138 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මීගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සහ අද දින පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැදුර ඊයේ (19) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

    එහි දැක්වෙන්නේ ඊයේ දින පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පිරිස් පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් ධීවර ජනතාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ දරන බවය.

    වසර ගණනාවක් පුරාවට පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය යැයි කියාගන්නා පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් භුක්ති විදින මෙම දේපළ සම්බන්ධයෙන් නඩු පවරන ලද්දේ එහි ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි.

    මේ අතර මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවරයින් අද දහවල් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණි.

    ඒ සිය ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලමිනි.

    ලෙල්ලම යනුවෙන් ජනප්‍රිය වී ඇති මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ දේපල පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.

    ඒ, පිටිපන එක්සත් ධීවර සමිතියේ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදීය.

    ඒ අනුව මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා ලෙල්ලමේ ධීවර කටයුතු සිදුකරන ධීවරයින් අද දහවල් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති මැදුර ඉදිරිපිටට පැමිණියේය.

    විරෝධය පළ කළ ඔවුන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය ගැන වතිකානය දැනුවත් කරමින් අපෝස්තලික තානාපති මැදුර වෙත ලිපියක්ද යොමු කළේය.

    අනතුරුව ඔවුන් පැමිණියේ කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිටටය.

    එහිදීද විරෝධතාවයේ නිරත වූ ඔවුන් කොළඹ අගරදගුරු හිමිපාණන්ට දැඩි විරෝධයක් එල්ල කළේය.

    ඒ අතරවාරයේ අගරදගුරු මැදුරේ සිට පිටතට පැමිණි පියතුමෙකුටද විරෝධතාකරුවන් සිය ඉල්ලීම් දැනුම් දුනි.

    කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා එම ධීවරයින් අද පස්වරුව වනවිටත් කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිට රැඳී සිටියේය.

    පසුව ඔවුන් අගරදගුරු නිල නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලීසිය ඊට මැදිහත් වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202600 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.