සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට සහ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා විශේෂ කමිටුවක් පත්කර කිරීමට යෝජනා වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අතර අද අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ බවය.
එම සාකච්ඡාවේ දී සිය වෘත්තීය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අදහස් පළ කර ඇති අතර, අමාත්‍යවරයාගේ පවසා ඇත්තේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ ඉල්ලීම්වලට අදාළව යෝජනාවලියක් සකස් කර අමාත්‍යාංශයට ලබාදෙන ලෙසය.
එය අධ්‍යයනය කිරීමෙන් පසු උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් මෙන්ම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කරන ලෙස වෘත්තීය සමිති සන්ධාන නියෝජිතයින් යෝජනා කර තිබේ.
ඊට එකඟත්වය පළ කරමින් අමාත්‍යවරයා එම කමිටුව පිහිටුවා එම කමිටුව හෙට (20) සවස 3ට රැස්වී ඉදිරි තීරණ ගැනීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.