ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
ඊයේ (18) පස්වරුවේ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි වෑන් රථයක් සහ මාතර ප්‍රදේශයේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දෙදෙනෙකු ගිනිගත්හේන රෝහලේ සිට නාවලපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.
වෑන් රථය ඉදිරියෙන් ගමන්කළ ලොරි රථයක් පසුකර යාමට උත්සාහ ගැනීමේදී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතර ගිනිගත්හේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.