Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පැට්ටා අවසානයේදී කොටුවෙයි
    Featured

    පැට්ටා අවසානයේදී කොටුවෙයි

    By LFNFebruary 19, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙරොයින් ග්‍රෑම් 10ක් සමග “පැට්ටා” පානදුර ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී අදාළ කාන්තාව සන්තකයේ තිබී උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ මුදලින් රුපියල් 2,247,450ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    සැකකාර කාන්තාව මේ වනවිට CIDභාරයේ සිටින කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නැමැත්තාගේ බිරිඳගේ වැඩිමල් සොහොයුරිය බවට හෙළිවී තිබේ.

    සැකකාර කාන්තාව විසින් තරංග නමින් හඳුන්වන සැකකරුගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය රහස් ප්‍රදේශයේ සඟවා සිය නිවස වෙත පැමිණි අවස්ථාවේ කළ වැටලීමකදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

    අදාළ නිවසේ පොලිස් නිලධාරීන්ට ඇතුල්වීමට නොහැකිවන ලෙස පුහුණුකරන ලද දරුණුගණයේ සුනඛයින් සිව්දෙනෙකු ඇතිකරන බවද විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන ඇත.

    එසේම වැටලීම සඳහා නිලධාරීන් පැමිණියහොත් ඔවුන් හඳුනාගැනීම සඳහා අධිසන්නිවේදන උපාංග භාවිත කර විශේෂ CCTV පද්ධතියක් ද සවිකර තිබීම විශේෂත්වයකි.

    එසේම සැකකාර කාන්තාවට එරෙහිව හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ මේ වනවිටත් මහාධිකරණය හමුවේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවද පොලීසිය පවසයි.

    එසේම මීට පෙර හෙරොයින් ජාවාරම් කිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේ පියා, සැමියා, සහ සහෝදරිය ද මේ වනවිටත් අත්අඩංගුවේ පසුවෙයි.

    වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ලද තොරතුරකට අනුව මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.