Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස දෙකක් අවසානයේ යුක්තියේ ප්‍රගතිය
    Featured

    මාස දෙකක් අවසානයේ යුක්තියේ ප්‍රගතිය

    By LFNFebruary 19, 2024No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වනවිට අපරාධකරුවන් 64,850ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140ක් සිටින අතර අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 8,710 ක් සිටින බව වාර්තාවෙයි.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140 දෙනා අතරින් සැකකරුවන් 1,850 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 2,009 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

    නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,202 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපළ වටිනාකම මිලියන 7,852.6කට ආසන්න වන අතර, තහනමට ගත් දේපළවල වෙළෙඳපළ වටිනාකම මිලියන 726 කට ආසන්න බව අනාවරණය වී ඇත.

    එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 8,710 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,333 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 6,700 ක්ද සිටී.

    මේ අතර ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 284 ක් සහ අපරාධවලට අවශ්‍යකරන සැකකරුවන් 393 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.