ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබේ.
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ, එම සාකච්ඡාව ද අසාර්ථක වුව හොත් හෙට (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ය.
වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකක දී දින කිහිපයක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය.
පසුගිය 15 වැනි දා පෙරවරුවේ එම වර්ජනය තාවකාලික ව අවසන් කෙරුණේ, වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලිඛිත ව එකඟතාව පළ කිරීමත් සමඟ ය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ හෙට පෙරවරු 11.00ට පමණ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.