Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025

    සුනාමි දුම්රිය ලෙස විරුදාවලිය ලත් එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
    Featured

    ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

    By LFNFebruary 17, 2024No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ රාජකාරියේ නියුතු නිලධාරියෙකු විසින් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇති අතර, එහි දී එම මෝටර් රථය එම නිලධාරියාව අනතුරට ලක් කර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර තිබේ.

    පසු ව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු පළා යාමට තැත් කර ඇති අතර, එහි දී එක් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාබුද්ගමුව – අංගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු සතු ව තිබී මෝටර් රථ 03ක යතුරු හමු ව ඇති අතර, පසුව එම මෝටර් රථ තුන පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, රුපියල් 29,000ක්, ඩිරාම් 535ක් සහ ඩොලර් 161ක් සොයාගෙන ඇත.

    එමෙන්ම එහි තිබී නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් සහිත ගමන් බෑගයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

    ‍පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ඇතුළු දේපොළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

    සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, පළා ගිය සැකකරු ශිරාන් බාෂික් යන අයගේ පුතෙකු වන නදින් බාෂික් බවට යි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025

    සුනාමි දුම්රිය ලෙස විරුදාවලිය ලත් එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 20250117 Views

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට…

    මිරිස්ස මුහුදේ දී වෛද්‍යවරයෙකු දියේ ගිලී මරුට

    December 26, 2025

    සුනාමි දුම්රිය ලෙස විරුදාවලිය ලත් එන්ජිම අද උදෑසන පණගැන්වී නැහැ

    December 26, 2025

    බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි සෝදිසියක්

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.